Social Icons

2019 වාර්ෂික වැඩිහිටි හමුව සහ දයා ජයවීර ගුණානුස්මරණ පිංකම


https://www.facebook.com/media/set/?set=a.308050790058381&type=3&__xts__%5B0%5D=68.ARDbu6HBdlEQcV4jkvFS2e7NblRC-qxJrXMJJ1ZdVfBHts_c2EPnVl6kQ-NQQ0nTkqCMH73oPQh7iRrJupupIlYMCQk3SF2iXKfblWkqAuhxYkJLg3nzKPLMWAJIUIjMVA4cnbTrQdgX5G8nlSe47k2AzTlDkv4jIi5Rb_yACX9W4YR-oRPNhibhWEgMDbovTKZc67Fe-zyc9waFgHe-GO6yfbug4wqnqdaitP_5VIKCp2HLYSluerDJGlU5gnQ6y-906sIP79XSdxefnU34XRG77yG9XjG8wxAEBKFNTs0GKrd26Q1T0BkeTiqmPTfw-FYtPavCm-WLtfrSxATtMDYQnsvpO27_Tp3G9eFPAXzewFsRN8OpagR9HSS-RhlWDlToqwJ--2ffs2gOc5_X18piqHO9g3jvmtQmOa2qkUSrdtMldNpExKCg5si35WlWxp-kndhsXPSRYO-Nfw&__tn__=-UC-R


සත්මුතු පවුර අපේ් එකමුතුවේ මුල්ම වාර්ෂික වැඩිහිටි හමුව 2019.01.13 දින පැවැත්විණි. 
එය පැවැත්වූයේ ගාල්ල රූමස්සල පරිශ‍්‍රය මුල් කරගෙනයි. වාර්ෂික වැඩිහිටි හමුවට, සමගාමීව
 දයා ජයවීර අපේ ඥාති සහෘදයාගේ ගුණානුස්මරණ පිංකම ද එදින පැවැත්විණි. 
මෙම ඥාති හමුවට විවිධ පුද්ගල ඥාතීහු හැත්තෑවක් පමණ සහභාගී වූහ. 
 ඒ වාගේම ද්‍රව්‍යමය ආධාර, මූල්‍යමය ආධාර ලබාදෙමින් ඥාතීන් දැක්වූ දායකත්වය වෙනුවෙන් සත්මුතු පවුර අපේ එකමුතුව සිය ගෞරව ප‍්‍රණාමය පුද කරන්නෙමු. එදින පැවැත්වූ වැඩසටහන් අතරින් පහත දැක්වෙන්නේ කිහිපයකි. 

 (01). බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ පැවැත්වූ ධර්ම දේශණය -  මාගාල්ලේ ගංගාරාම විහාරාධිපති, 
          ත‍්‍රිපිටකවේදී, අති පූජනීය මාගාල්ලේ ධම්මික නායක ස්වාමීන් වහන්සේ

 (02). බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ පැවැත්වූ ”දයා සුවඳ” දයා ජයවීර ගුණානුස්මරණ වැඩසටහන හා
          ගී රසවින්දන වැඩසටහන 

 (03). බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ සිටින 174 දෙනෙකුට ලබාදුන් උදෑසන කෙටි ආහාරවේල

 (04). මෙම වැඩිහිටි නිවාසයේ සියලූම දෙනාට ප‍්‍රයෝජනවත් ද්‍රව්‍යමය පාර්සලය බැගින් ලබාදීම. 

 (05). ජපන් සාම චෛත්‍යය හා සාම විහාරය විහාරාධිපති ජී. අශාම් ස්වාමීන් වහන්සේ විසින් 
         පැවැත්වූ විශේෂ පිංකම 

(06). වාර්ෂික වැඩිහිටි හමුව හා ඥාතීන් හඳුනාගැනීම. 

මෙම වැඩසටහනට සහභාගීවීම, ද්‍රව්‍යමය දායකත්වය, මූල්‍යමය දායකත්වය ඇතුළු විවිධ ආකාරයෙන් උදව් උපකාර කළ ඔබට බොහෝම පිං. 
මෙයට - 
සමන් විමලනාථ
 
https://sathmuthupawra.blogspot.com/p/message.html